2022 පළමු මාස අට තුළ ඉන්දියාවට ‘රුසියානු තෙල්’ ටොන් මිලියන 16.35 ක් ලැබිලා

2022 පළමු මාස අට තුළ ඉන්දියාවට ‘රුසියානු තෙල්’ ටොන් මිලියන 16.35 ක් ලැබිලා

ජී හත රටවල් සහ ඔවුන්ගේ හිතවාදී රටවල් විසින් ප්‍රකාශයට පත් කරන ලද රුසියානු තෙල් මිල සීමාවට සහය නොදැක්වීමට ඉන්දියාව ගත් තීරණය අගය කරන බව රුසියාව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් මේ බව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ ඉන්දීය තානාපති පවන් කපූර් හමුවූ අවස්ථාවේදීයි.

මෙම රටවල් විසින් දෙසැම්බර් 5 වන දින පනවන ලද රුසියානු තෙල්වල මිල සීමාවට සහය නොදැක්වීමට ඉන්දියාව ගත් තීරණය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සාදරයෙන් පිළිගත් බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

බලශක්ති අර්බුදය මධ්‍යයේ නැගෙනහිර සහ දකුණේ රටවලට බලශක්ති අපනයන විවිධාංගීකරණය කරමින් බලශක්ති සම්පත් සැපයීම සඳහා වන ගිවිසුම්හි වගකීම් රුසියාව කැපවීමෙන් ඉටු කරන බවයි නොවැක් එහිදී අවධාරණය කර තිබෙන්නේ.

රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, 2022 පළමු මාස අට තුළ ඉන්දියාවට ආනයනය කර ඇති රුසියානු තෙල් ප්‍රමාණය ටොන් මිලියන 16.35 ක්.

Share This