යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප වෙයි

යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප වෙයි

යුක්‍රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා

යුක්‍රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන් විරාමයක් අවශ්‍ය බවට කළ ඉල්ලීමයි රුසියාවෙන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ

සති කිහිපයකින් පසු යළිත් යුක්‍රේනයේ අගනුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග සටන් නැවතත් ඇරඹි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රුසියාවෙන් යුක්‍රේනයේ පරිපාලන ගොඩනැගිලි දෙකකට ප්‍රහාර එල්ල කර ඇති අතර යුක්‍රේන ජනපති Volodymyr Zelenskiy සඳහන් කරන්නේ යුක්‍රේන ගුවන් ආරක්ෂකයින් විසින් ප්‍රහාරය මැඩ පැවැත්වූ බවයි

එමෙන්ම ඩ්‍රෝන යානා 13ක් බිම හෙළා ඇති බවත් සඳහන් කරනවා

Share This