මැලේසියාවේ නායයාමකින් 21ක් මරුට – එකිනෙකා වැළඳගෙන සිටි සිරුරු දෙකකුත් හමුවෙයි

මැලේසියාවේ නායයාමකින් 21ක් මරුට – එකිනෙකා වැළඳගෙන සිටි සිරුරු දෙකකුත් හමුවෙයි

මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ නිවාඩු කඳවුරක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු සිටින බවයි.

එහිදී එකිනෙකා බදාගෙන සිටින මළ සිරුරු දෙකක් හමු වී ඇති අතර ඔවුන් මව සහ දියණිය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක කණ්ඩායමක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ කඳවුර තුළ ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බවද එම වාර්තා සඳහන් කළා.

Share This