සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක් අසාදු ලේඛනගත කිරීමට එක්සත් ජනපදය සැරසේ

සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක් අසාදු ලේඛනගත කිරීමට එක්සත් ජනපදය සැරසේ

එක්සත් ජනපදය, ප්‍රමුඛතම දත්ත ගබඩා චිප් නිෂ්පාදකයා ඇතුළු තවත් චීන සමාගම් 30කට වැඩි සංඛ්‍යාවක් වෙළඳ අසාදු ලේඛනයකට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව පවසනවා.

මේ අනුව ආයතන ලැයිස්තුවේ සමාගම් විශේෂ අපනයන බලපත්‍රයක් ලබා ගන්නේ නම් මිස එක්සත් ජනපද සැපයුම්කරුවන්ගෙන් තාක්ෂණය මිලදී ගැනීමෙන් අවහිර කරනු ලැබ ඇති බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතම දත්ත ගබඩා චිප් නිෂ්පාදක සමාගමේ නියෝජිතයන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බයිඩන් පරිපාලනය විසින් ඔක්තෝම්බර් මාසයේදී අර්ධ සන්නායක සහ චිප් සාදන උපකරණ මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබඳ විශාල සීමාවන් මාලාවක් එලිදක්වන ලද අතර, එම අවස්ථාවේ දී වැඩිදුර විමර්ශනය සඳහා මෙම සමාගම් නිරීක්ෂණ ලැයිස්තුවකට ඇතුළත් කර තිබුණා.

Share This