ඩෙංගු මදුරුවා පැය 24ම සක්‍රිය වෙයි – අවධානයෙන් සිටින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

ඩෙංගු මදුරුවා පැය 24ම සක්‍රිය වෙයි – අවධානයෙන් සිටින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් (VIDEO)

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු අවදානම මෙරට තුළ ඉහළ යමින් පවතින අතර, කොළඹ දිස්ත්‍රික්කය වැඩිම රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක අතර එකක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව මේ වසර තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,826ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව දෙසැම්බර් මස 5 වැනිදාත් 11 වැනිදාත් අතර කාලය තුළ සමස්ත දිවයිනෙන්ම ඩෙංගු රෝගින් 1902ක් වාර්තා වී ඇති බවයි.

ඉන් 328 දෙනෙක් කොළඹින් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ උදෑසන සහ සවස් කාලයේ පමණක් ඩෙංගු මදුරුවා සක්‍රීය තත්ත්වයේ පවතින බව මීට පෙර පැවසුවත් මේ වනවිට එම අවදානම දවසේ පැය 24 පුරාම පවතින බවයි.

Share This