ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක ගින්නක් -19ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක ගින්නක් -19ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිස් දෙදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කාබුල් අගනුවර උතුරු පළාත් හා සම්බන්ධ කරන Salang නැමැති උමං මාර්ගයේ තෙල් රැගත් රථයක් පෙරළී ගිනි ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ගින්න නිවා දැමීමට පෙර තවත් වාහනවලට ද ගින්න පැතිර ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

1982 වසරේදී ද උමං මාර්ගයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 400 ක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This