යුද බිමේදී සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට රුසියාව ගත් පියවර

යුද බිමේදී සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වැඩි කිරීමට රුසියාව ගත් පියවර

හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුක්‍රේනයේ පවතින යුද බිමේ ඉදිරි පෙළට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව සඳහන් කර තිබෙනවා

රුසියානු මාධ්‍ය ආයතනයක් වන RBC ප්‍රවෘත්ති සේවයට අනුව, යුද බිමේ ඉදිරි පෙළට යොදවන අය ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ බඳවා ගැනීමේ මෙහෙයුම යටතේ බලමුලු ගන්වන ලද භට පිරිස් මෙන්ම ස්වේච්ඡාවෙන් හමුදා සේවයට ඇතුළත් වූ වෘත්තීය කලාකරුවන්ගෙන් සමන්විත වනු ඇති

මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු යුක්‍රේනයේ සිටින තම හමුදා බැලීමට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර නැගෙනහිර ඩොන්බාස් කලාපයේ යුක්‍රේන පාලනය යටතේ පවතින බක්මුට් නගරය වටා දැඩි සටන් අඛණ්ඩව පවතින බව යුක්‍රේන හමුදාව සඳහන් කර තිබෙනවා

Share This