විදුලි ගාස්තු වැඩි කරන පනත අද කැබිනට් මණ්ඩලයට

විදුලි ගාස්තු වැඩි කරන පනත අද කැබිනට් මණ්ඩලයට

පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත අද (19) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් අවම විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයින්ගේ ද විදුලි ගාස්තුව අසාධාරණ ලෙස ඉහළ යන බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

දිවයින තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව අවම කර ගනිමින් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගෙන යාම සඳහා යළිත් විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා.

Share This