නිල්ගල වනාන්තරයට ඇතුළුවීම සීමා කර ඇති බවට රතුගල ආදිවාසීන්ගෙන් චෝදනා (VIDEO)

නිල්ගල වනාන්තරයට ඇතුළුවීම සීමා කර ඇති බවට රතුගල ආදිවාසීන්ගෙන් චෝදනා (VIDEO)

රතුගල ආදිවාසී ගම්මානයට යාබදව ඇති නිල්ගල වනාන්තරයට පිවිසීම සීමා කිරීමත් සමඟ ආදිවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ සේනානායක සමුද්‍රයේ මාළු ඇල්ලීමද මේ වන විට තහනම් කර ඇති බවයි.

බිබිල රතුගල ගම්මානයේ ආදිවාසී පවුල් 140 ක් පමණ මේ වන විට ජීවත්වන අතර, ගම්මානයට යාබදව ඇති ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් නිල්ගල ඖෂධීය වනාන්තරයට ඇතුළු වීම සඳහා ආදිවාසීන් 10 දෙනෙකුට වන ජීවි දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් ද නිකුත් කර ඇති බව සඳහන්.

එක් හැඳුනුම්පතක් හිමි අයෙකුට තවත් 10 දෙනෙකු සමඟ ලබා දී ඇති නීති රීති වලට යටත්ව වනයට ඇතුල් විය හැකි බවට හැඳුනුම්පත් ලබාදෙමින් ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් වනයට ඇතුළු වීම සීමා කලද ආදිවාසීන් පවසන්නේ තම ජීවිකාව කරගෙන යනු ලබන්නේ මෙම වනාන්තරයෙන් ලබා ගන්නා ඖෂධ එකතු කර ගැනීමෙන් බවයි.

එමෙන්ම වනාන්තරයේ පිහිටා ඇති සේනානායක සමුද්‍රයේ මාළු ඇල්ලීමද කලක පටන් සිදුකරගෙන ගියද, පසුගියදා මාළු ඇල්ලීමේ යෙදී සිටි ආදිවාසීන් 05 දෙනෙකු වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ඔවුන් සඳහන් කළා.

Share This