හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරක -36කට තුවාල

හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරක -36කට තුවාල

පියාසර කරමින් තිබූ හවායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දරුණු සෙලවීමකට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 11 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මගීන් 278 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමට මොහොතකට පෙරදී මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

තැලීම් සහ සිහිය නැතිවීම් මෙන්ම හිසේ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු පමණ එරට ප්‍රාදේශීය රෝහල් වෙත ගෙන ගොස් තිබෙන අතර මෙම අවස්ථාවේ එම ප්‍රදේශයේ ගිගුරුම් සහිත වැසි පැවති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රෝහල් ගත කර ඇති 20දෙනාගෙන් 17දෙනෙකු මගීන් වන අතර තිදෙනෙකු කාර්යය මණ්ඩල සාමාජිකයින් වන බවත් මාස 14ක කුඩා දරුවෙකු සහ නව යොවුන් වියේ දරුවෙකුද ඒ අතර වන බවයි පැවසෙන්නේ

මෙම HA35 ගුවන් යානය Daniel K. Inouye ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්සවා තිබෙනවා

Share This