ඉරානයට අවස්ථාව අහිමි වේ

ඉරානයට අවස්ථාව අහිමි වේ

සාමාජිකයින් 54 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය පසුගියදා ඉරානය 2026 දී අවසන් වන සිව් අවුරුදු ධූර කාලය සඳහා කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සම්මත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඡන්දය 29-8ක් ලෙස තීරණය වී ඇති අතර ඉන්දියාව ඇතුළු රටවල් 16ක් පමණ ඡන්දය දීමෙන් වැළකී සිටි ඇති බව සඳහන්

නිකරගුවාව, නයිජීරියාව, ඕමානය, බොලිවියාව, චීනය, කසකස්තානය, රුසියාව සහ සිම්බාබ්වේ යන රටවල් මෙහිදී ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී තිබෙනවා.

සැප්තැම්බරයේ පොලිස් අත්අඩංගුවේ දී මියගිය 22 හැවිරිදි මහ්සා අමිනීට යුක්තිය ඉල්ලා කරන විරෝධතාවලට සම්බන්ධයෙන් ඉරානය අනුගමනය කරන පිළිවෙත මෙම ඉවත් කිරීමට මූලික හේතුව බව සඳහන්.

කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසම වාර්ෂිකව මාර්තු මාසයේදී නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රැස්වන අතර එය ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී සිටින විශාලතම රැස්වීම ලෙස සැලකෙනවා.

Share This