තායිලන්ත නැවේ සිටි නාවිකයින් සොයා දෙවන දිනටත් මෙහෙයුම්

තායිලන්ත නැවේ සිටි නාවිකයින් සොයා දෙවන දිනටත් මෙහෙයුම්

තායිලන්ත මුහුදු ප්‍රදේශයේ ඇති වූ කුණාටුවකින් 100කට අධික පිරිසක් රැගත් යුද නෞකාවක් ගිලීයාමෙන් පසු අතුරුදන්ව සිටින තවත් නාවිකයින් 30 දෙනෙකු සොයා මෙහෙයුම් සිදුකරන දෙවන දිනය අදයි

දිවි ගලවා ගත් අය පැය ගණනාවක් මුහුදේ පාවී යාමෙන් පසුව සොයාගෙන ඇති අතර ඇතැමුන් සිහිසුන් තත්ත්වයෙන් සිටින බව එරට නිලධාරීහු පවසා තිබෙනවා

කාර්ය මණ්ඩලය 100කට අධික පිරිසක් රැගත් Sukhotai නැව කුණාටුවකට හසුවුණේ ඉරිදා (18) සවස් කාලයේදී

බෝට්ටු සහ හෙලිකොප්ටර් මගින් අනතුරට ලක්වූ නාවිකයින් සොයා කළ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයින් 75 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයන් සමත් වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This