යුක්‍රේන ජනපති වොෂින්ටනයට යාමේ සූදානමක්

යුක්‍රේන ජනපති වොෂින්ටනයට යාමේ සූදානමක්

අද (21) දිනයේ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky වොෂින්ටනයට යාමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එහිදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ

පෙබරවාරියේ සිදුවූ රුසියානු ආක්‍රමණයෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය මෙය බවද විදෙස් මාධ්‍ය පවසනවා .

කෙසේවෙතත් සංචාරය හෝ සැලසුම් පිළිබඳ නිල තහවුරු කිරීමක් නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර රුසියානු ප්‍රහාරයන්ට එරෙහිව යුක්‍රේනයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි Patriot මිසයිල සැපයීමට ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය සලකා බලමින් සිටින බවද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇති බවද සඳහන් වනවා

Share This