පාකිස්ථානය තෙල් මිලදී ගැනීම සඳහා මං සොයයි

පාකිස්ථානය තෙල් මිලදී ගැනීම සඳහා මං සොයයි

එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන්ගෙන් සම්බාධක වළක්වා ගනිමින් ඉරානයෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීමට පාකිස්ථානය සැලසුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපදය විසින් දැඩි ලෙස සම්බාධක පනවන ලද තවත් රටක් වන රුසියාවෙන් ලොව ඇතැම් රටවලට තෙල් හා ගෑස් වෙළඳාම් ලබා ගත හැකි නම්, පාකිස්ථානය ඉරානය සමඟ වෙළඳාම් කිරීම විශාල අර්බුදයක් නොවනු ඇති බවයි අදහස වී ඇත්තේ.

ඒ අනුව යමින් පාකිස්ථානයට අවශ්‍ය පෙට්‍රල් සඳහා වන භාණ්ඩ හුවමාරු ක්‍රමයකට ඉරානය ද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව සඳහන්.

මේ වසරේ මැයි මාසයේදී, ඉරාන ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මජිඩ් චෙගෙනි, ඉරාන ගෑස් පාකිස්ථානයට විකිණීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව ප්‍රසිද්ධියට පත් කර තිබුණා.

මෙම වසරේ මැයි 26 දා අලුතින් පත් කරන ලද විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ ඩාවෝස් හි ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඉරාන විදේශ ඇමති හොසේන් අමීර් අබ්දුල්ලාහියන් හමු වී ඒ පිළිබද තවදුරටත් සාකච්ඡා කළ බව සඳහන්.

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඉරාන තානාපති මොහොමඩ් අලි හොසෙයිනි විසින් මෙම ගනුදෙනුව නැවත වරක් තහවුරු වන අන්දමේ ප්‍රකාශයක් සිදුකළා.

මේ අතර පාකිස්ථානය ඉදිරි මාසවලදී උග්‍ර තෙල් හා මූල්‍ය අර්බුදවලට මුහුණ දිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.

Share This