ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල තහනමට එරෙහිව උද්ඝෝෂණ කළ කාන්තාවන් 5ක් අත්අඩංගුවට(VIDEO)

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල තහනමට එරෙහිව උද්ඝෝෂණ කළ කාන්තාවන් 5ක් අත්අඩංගුවට(VIDEO)

කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය තහනම් කිරීමට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති විරෝධතාවයකට සහභාගී වූ කාන්තාවන් පස් දෙනෙකු තලේබාන් සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මාධ්‍යවේදීන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු කාන්තාවන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම ආරක්ෂකයින් විසින් නතර කරනු ලැබුවා

පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය යළි බලයට පත්වීමෙන් පසු කාන්තා අධ්‍යාපනය සීමා කිරීම් සිදු කර ඇති අතර බොහෝ ද්විතීයික පාසල්වලින් ගැහැණු ළමයින් දැනටමත් ඉවත් කර තිබෙනවා

විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් කිහිප දෙනෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ තලෙයිබාන් කාන්තා නිලධාරිනියන් ඔවුන්ට පහර දුන් බවයි.

මෙම විරෝධතාකරුවන් සමග එරට සමහර පිරිමි පුද්ගලයින් ප්‍රතිචාර දක්වා ඇති අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පිරිමි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 50ක් පමණ සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම සමහර පිරිමි සිසුන් තම විභාගවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This