ඩොලර්වලට නිවාස විකුණා ‘ඩොලර් ලක්ෂ 5කට වැඩියෙන්’ හෙව්වා – නාගරික සංවර්ධන අධිකාරිය

ඩොලර්වලට නිවාස විකුණා ‘ඩොලර් ලක්ෂ 5කට වැඩියෙන්’ හෙව්වා – නාගරික සංවර්ධන අධිකාරිය

මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව උපයාගෙන ඇති මුදල ඩොලර් 502,170.93 ක් බවත් මේ වසරේ ඩොලර් වලින් නිවාස අලෙවි කොට ලබා ගැනීමට අපේක්ෂා කළ ආදායම ඩොලර් ලක්ෂ 05ක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙරට තිබෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති මධ්‍යම පාන්තික නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අලෙවි කිරීමට පියවර ගැණුනේ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි වන අතර ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය,කැනඩාව,එක්සත් රාජධානිය, ඕමාන් කටාර් රාජ්‍යය හා ෆීජී දූපත්වල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදීගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

Share This