බ්‍රසීල පාපන්දු ශූර පේලේ අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)

බ්‍රසීල පාපන්දු ශූර පේලේ අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ශූර පේලේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 82 ක්.

වසර 21ක තරග දිවියක් තුළ තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ඔහු ලෝක වාර්තාවක්ද තබා තිබෙනවා

1958, 1962 සහ 1970 වසරවලදී තුන් වතාවක් ලෝක කුසලානය තම රටට දිනා දීමට සමත්වුණු එකම ක්‍රීඩකයා ලෙසයි පේලේ හඳුන්වන්නේ

2000 වසරේදී FIFA හි සියවසේ ක්‍රීඩකයා ලෙසද ඔහු නම් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු පසුගිය වසර කිහිපය තුළ වකුගඩු හා පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත ආබාධවලින් පීඩා විඳිමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

 

Share This