ඉන්දීය අගමැති මෝදිගේ ‘මවගේ අවසන් කටයුතු’ සිදු කරයි -ජනපති රනිල් සිය සොව පළ කරයි

ඉන්දීය අගමැති මෝදිගේ ‘මවගේ අවසන් කටයුතු’ සිදු කරයි -ජනපති රනිල් සිය සොව පළ කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදිගේ අවසන් කටයුතු සිදු කර ඇති බව ANI පුවත් සේවය වාර්තා කර තිබෙනවා

හීරාබෙන් උපත ලැබුවේ 1923 දී ගුජරාටයේ මෙහ්සානා දිස්ත්‍රික්කයේ විස්නගර් ප්‍රදේශයේයි

“ඇගේ ළමා කාලය දරිද්‍රතාවයෙන් පිරි එකක්” යනුවෙන් වරෙක නරේන්ද්‍ර මෝදි සටහනක් තබමින් පවසා තිබෙනවා

හීරාබෙන් Damodardas Mulchand Modi සමඟ විවාහවීමෙන් පසු වඩ්නගර් නගරයේයි ජීවත්ව තිබෙන්නේ

“වඩ්නගර් හි, අපේ පවුල නැවතී සිටියේ වැසිකිළියක් හෝ නාන කාමරයක් වැනි සුඛෝපභෝගී දෙයක් තබා ජනේලයක්වත් නොතිබූ කුඩා නිවසක, මගේ අම්මා වෙලාවට වැඩ කරන, පිළිවෙළකට සහ වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක් ,
මගේ අම්මා කිසි දිනෙක ප්‍රසිද්ධ වැඩසටහන්වලට සහභාගී වුණේ නෑ .2001 දී මා ප්‍රථම වරට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ඇය පැමිණියා ,එතැන් පටන් ඇය මා සමඟ එක ප්‍රසිද්ධ උත්සවයකටවත් ගියේ නෑ ” නරේන්ද්‍ර මෝදි මහතා මව ගැන සටහනක් තබමින් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2014 වසරේදී ඉන්දියාවේ අගමැති බවට නරේන්ද්‍ර මෝදි මහතා පත් වුවද, හීරාබෙන් දිල්ලියේ සිටි ඔහු බැලීම පැමිණ තිබුණේ වසර දෙකකට පසුවයි .

හීරාබෙන් මෝදි මිය යන විට 99 වියේ පසුවුණා

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර වැදගත් අවස්ථාවන් සහ උත්සවවලදී ආශිර්වාද ලබා ගැනීමට ඉන්දීය අගමැතිවරයා නිතර තම මව බැලීමට ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඇයගේ අභාවය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ මැති ඇමතිවරුන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කර තිබුණා

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

Share This