පුළුස්සා වළදමන ලද වන අලි දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගනියි (VIDEO)

පුළුස්සා වළදමන ලද වන අලි දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගනියි (VIDEO)

වන අලින් දෙදෙනෙකු ඝාතනය කර අනුරාධපුර පෙරිනියන්කුලම ප්‍රදේශයේ වගා භූමියක වල දමා තිබූ සිරුරු වනජීවී නිලධාරි විසින් ගොඩගෙන තිබෙනවා.

විදුලි සැර වැදීම හේතුවෙන් මෙම අලින් දෙදෙනා මියගොස් ඇති බවයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ තිරප්පනය වන අඩවි කාර්යාල නිලධාරින් එම වන අලින් වළ දමා තිබූ ප්‍රදේශය හඳුනාගෙන එම අලින්ගේ සිරුරු ගොඩ ගැනීමට කටයුතු කළා.

එම වන අලින්ගේ සිරුරු වළ දැමීමට පෙර පුළුස්සා දැමීමට ද පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, වන අලින්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

Share This