උගන්ඩාවේ උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් 9ක් මරුට

උගන්ඩාවේ උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් 9ක් මරුට

උගන්ඩාවේ කම්පාලා අගනුවර පැවති අලුත් අවුරුදු උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූ සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ මෙම සිදුවීමෙන් කුඩා දරුවන් ගණනාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

කම්පාලා පොලිසිය සඳහන් කර තිබෙන්නේ ෆ්‍රීඩම් සිටි මාල්හි පැවති ප්‍රසංගයකට ජනතාව විශාල වශයෙන් පැමිණ සිටි බවයි.

තෙරපීමෙන් පසුව පුද්ගලයන් ගණනාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියගිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ

Share This