යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු සොල්දාදුවන් 89ක් මරුට -එල්ල වූ ප්‍රහාරය ගැන රුසියාවෙන් සොල්දාදුවන්ට චෝදනා

යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු සොල්දාදුවන් 89ක් මරුට -එල්ල වූ ප්‍රහාරය ගැන රුසියාවෙන් සොල්දාදුවන්ට චෝදනා

යුක්‍රේනයේ මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් රුසියානු සොල්දාදුවන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රුසියානු හමුදා භටයන් ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතා කිරීම නිසා මෙය සිදුවූ බවයි රුසියාව පවසා තිබෙන්නේ

රුසියානු හමුදාවන් විසින් අල්ලාගෙන සිටි ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ, මාකිව්කා හි පිහිටි විද්‍යාලයකට යුක්‍රේනයේ සොල්දාදුවන් පහර දුන් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

සොල්දාදුවන් තහනම් කර තිබු දුරකථන භාවිතා කිරීමෙන් සතුරාට තම ඉලක්කය සොයා ගැනීමට හැකි වූ බවයි රුසියානු හමුදාව පවසා තිබෙන්නේ

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිත ලෙස තහවුරු කර නොමැති නමුත් එය පවතින යුද්ධයේදී රුසියාව විසින් පිළිගත් විශාලතම මරණ සංඛ්‍යාව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මේ අතර ප්‍රහාරයෙන් සොල්දාදුවන් 400ක් මිය ගිය අතර තවත් 300 ක් තුවාල ලැබූ බව යුක්‍රේනය සඳහන් කරනවා

සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් විමර්ශනය කරමින් සිටින බවත් ,විමර්ශනයේදී වැරදිකරුවන් වන නිලධාරීන් නීතිය හමුවට පමුණුවන බවත්, ඉදිරියේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් නිවේදනයක් නිකුත් කරමින් රුසියාව පවසා තිබෙනවා

 

Share This