කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනයේ ඖෂධ පාලනයක්

කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනයේ ඖෂධ පාලනයක්

කොවිඩ් ව්‍යාප්තියත් සමග චීනය තුළ ඖෂධ හිඟයක් ඇති වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතැම් ඖෂධ සදහා පවතින ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හමුවේ නිෂ්පාදන සමාගම් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

උණ සඳහා බහුලව භාවිත කරන ඖෂධ, මේවනවිට සොයා ගැනීම ඇතැම් විට අපහසු වී ඇතැයි ද ඇතැම් ඖෂධ අලෙවිය සීමා කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් සඳහා ලබා දෙන ඖෂධවල අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම සදහා චීනයේ ඇතැම් ඖෂධ නිෂ්පාදන සමාගම් උපරිම ධාරිතාවයෙන් සිය මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

චීනයේ ඇතැම් ප්‍රදේශවල පිහිටි ඖෂධ අලෙවිසැල්වල ගැනුම්කරුවෙකු වෙත එක් ඖෂධයකින් නිකුත් කරන්නේ පෙති 06 ක් පමණ වන අතර දියරමය ඖෂධයක් නම් වරකට අලෙවි කරනු ලබන්නේ මිලිලීටර 100 ක් පමණ බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

Share This