එක්සත් ජනපදයේ ගුරුවරයෙකුට වෙඩි තැබීමක් -හය හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

එක්සත් ජනපදයේ ගුරුවරයෙකුට වෙඩි තැබීමක් -හය හැවිරිදි දරුවෙක් අත්අඩංගුවට

එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරයෙකුට වෙඩි තැබීමෙන් පසු හය හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිව්පෝර්ට් නිවුස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලේදී වෙඩි තැබීම සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දරුවා තුවක්කුව ලබා ගත්තේ කෙසේද යන්න පැහැදිලි නැති අතර අහම්බෙන් වෙඩි තැබීමක් නොවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

වෙඩි වැදුණු ගුරුවරිය වයස අවුරුදු 30ක් පමණ වන අතර ඇය රෝහලකට ගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සිද්ධිය වී ඇත්තේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයකදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමකින් පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This