ඉන්දියාව සහ ජපානය ගුවන් අභ්‍යාසයකට සූදානමින්

ඉන්දියාව සහ ජපානය ගුවන් අභ්‍යාසයකට සූදානමින්

ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයකට සූදානම් වන බවත් දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ගුවන් අභ්‍යාසය පැවැත්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජපානයේ Hyakuri ගුවන් කදවුරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය නම් කර ඇත්තේ “Veer Guardian – 2023 ලෙසයි.

ජනවාරි 12 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙන ඉන්දු – ජපාන ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය සදහා ඉන්දීය ගුවන් හමුදාව සතු Su – 30 වර්ගයේ ප්‍රහාරක යානා මෙන්ම C – 17 සහ IL – 78 වර්ගයේ යානා ද භාවිත කෙරෙනු ඇති.

ඊට අමතරව ජපාන ස්වයං ආරක්ෂක බලකාය සතු F – 2 සහ F – 15 වර්ගයේ ප්‍රහාරක යානා ද ඊට එක්කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“Veer Guardian – 2023” සදහා සහභාගී වන ඉන්දීය ගුවන් හමුදාවේ පළමු කණ්ඩායම අද ජපානයේ Hyakuri ගුවන් කදවුරු වෙත පිටත්ව යන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මුහුදු කලාපය තුළ අපරාධ වැළැක්වීමට සහ කලාපයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම මෙම ඒකාබද්ධ ගුවන් අභ්‍යාසය පැවැත්වීමේ තවත් එක් අරමුණක් බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

Share This