ඇමෙරිකාවේ ප්‍රාන්ත දෙකක TikTok තහනමක්

ඇමෙරිකාවේ ප්‍රාන්ත දෙකක TikTok තහනමක්

ඇමෙරිකාවේ ප්‍රාන්ත දෙකක රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය තහනම් කිරිමට නිව් ජර්සි සහ ඔහායෝ ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ජාතික සහ දේශීය ආරක්ෂාව මෙන්ම සයිබර් ආරක්ෂණයට මෙම යෙදවුම තුළින් තර්ජන ඇති කරන බවට ප්‍රකාශ කරමින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවේ තවත් ප්‍රාන්ත කිහිපයක් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය තහනම් කිරිමට ද පියවර ගෙන තිබුණා.

 

Share This