කොංගෝ රාජ්‍යයේ අස්ථාවර ආරක්ෂක තත්ත්වයක්

කොංගෝ රාජ්‍යයේ අස්ථාවර ආරක්ෂක තත්ත්වයක්

කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර කලාපයේ පවතින අස්ථාවර ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් පවසා ඇත්තේ කොංගෝ රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායම්වල වර්ධනය වෙමින් ඇති ක්‍රියාකාරකම් මනුෂ්‍ය ඝාතන, අවතැන්වීම් හා දරුණු මානුෂීය ගැටළු නිර්මාණය කර ඇති බවයි.

M23 නමැති සන්නද්ධ කණ්ඩායම කොංගෝව තුළ පාලනය පුළුල් කර ගනිමින් සිටින බවත්, ඔවුන් Goma ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටීම දැඩිව අවදානය යොමු කළ යුතු ගැටළුවක් බවත් එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිතවරිය පෙන්වා දෙනවා.

එක්සත් ජාතීන්ගේ ආර්ක්ෂක කවුන්සිලය හමුවේ අදහස් දක්වමින් ඇය සදහන් කළේ සන්නද්ධ කණ්ඩායම් තුළ ස්ථාපිත ත්‍රස්ත සබඳතා හේතුවෙන් කොංගෝව තුළ පවතින ත්‍රස්ත තර්ජන නොසලකා හැරිය නොහැකි බවයි.

ඉන්දියාවට, කොංගෝව සමග දීර්ඝ කාලීන සබදතා ඇති බවත්, එරට ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහය ලබා දෙන බවත් ඇය සදහන් කළා.

Share This