යුක්‍රේන ජනපති සහ කෙන්යානු ජනපති අතර සාකච්ඡා

යුක්‍රේන ජනපති සහ කෙන්යානු ජනපති අතර සාකච්ඡා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සහ කෙන්යානු ජනාධිපති William Ruto සමග සාකච්ඡා පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ ඔවුන් ආහාර සුරක්ෂිතතාව සහ උග්‍ර ආහාර හිඟයක් ඇති රටවලට ධාන්‍ය ලබා දීමේ මානුෂීය වැඩසටහන පිළිබඳව සාකච්ඡා කළ බවයි.

දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමට එකඟ වූ බවත් යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

පැවති මෙම සාකච්ඡා සම්බන්ධයෙන් කෙන්යානු ජනාධිපති කාර්යාලය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This