පාකිස්ථාන රුපියලත්  කඩා වැටෙයි

පාකිස්ථාන රුපියලත් කඩා වැටෙයි

පවතින දරුණු ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පාකිස්ථාන රුපියල බාල්දු වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පාකිස්ථාන රුපියලේ අගය වාර්තා වුණේ 228.50 ක අගයකයි.

කලුකඩ වෙළඳපළේ අමෙරිකානු ඩොලරය හුවමාරු වන්නේ පාකිස්ථාන රුපියල් 270 කට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලෙස පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරනවා.

එහෙත් පාකිස්ථාන මුදල් අමාත්‍ය Ishaq Dar රුපියලේ අගය කෘතිමව පාලනය කිරීමට උත්සහ කරන බවත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන ප්‍රමාදවීමට හේතු වී ඇති බවටත් චෝදනා එල්ල වෙමින් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත ද අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා පහත වැටී තිබෙනවා.

එය පකිස්ථානයේ දින 25 ක අත්‍යවශ්‍ය ආනයන සදහා ප්‍රමාණවත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This