උසස් පෙළ සඳහා ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි දෙන්නේ නෑ

උසස් පෙළ සඳහා ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි දෙන්නේ නෑ

සාමාන්‍ය පෙළ සමත් සිසුන් උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලබන බව එම අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති අතර තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

2023 වර්ෂයට අතරමැද පන්ති සඳහා (1-6 හැර) ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛනය නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27 වන දින වන විට අයදුම් කිරීමට නිවේදන නිකුත් කරනු ලබන බවත් අතරමැද පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බවත් එහි සඳහන් වනවා.

Share This