බොරතෙල් සහ සහ ගෑස් ගැන ඉන්දියාව ගත් තීරණය

බොරතෙල් සහ සහ ගෑස් ගැන ඉන්දියාව ගත් තීරණය

ඉන්ධන හා ගෑස් ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ඉන්දියාව සහ ගයනා රාජ්‍යය සමග එකගතාවකට පැමිණ ඇති බවත් ඒ අනුව දිගුකාලීන පදනම යටතේ ගයනාවෙන් බොරතෙල් මිලදී ගැනීමටත්, එරට ආයෝජන ඉහළ නැංවීමටත් ඉන්දියාව එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉන්ධන අමාත්‍ය හර්දීප් සිං හා ගයනාවේ ජනාධිපති මොහමඩ් ඉර්ෆාන් අලී හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගයනාවේ ඉන්ධන කැනීම් කටයුතු සහ නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාව ද දායකත්වය දරණු ඇතැයි අපේක්ෂිතයි.

ඊට අදාල සාකච්ඡා ඉදිරියටත් පුළුල් ලෙස පවත්වාගෙන යාම සදහා තාක්ෂණික කණ්ඩායමක් ද ස්ථාපිත කිරීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.

ලබන මාසයේදී ගයනාවේ උප ජනාධිපති Bharrat Jagdeo ඉන්දියාවට පැමිණීමට නියමිත අතර එහිදී දෙපාර්ශවයේ සහයෝගිතාව සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This