මලාවිහි කොලරාව පැතිරීමෙන් 750කට වැඩි පිරිසක් මරුට -අද සිට පාසැල් ද ඇරඹේ

මලාවිහි කොලරාව පැතිරීමෙන් 750කට වැඩි පිරිසක් මරුට -අද සිට පාසැල් ද ඇරඹේ

මලාවිහි ප්‍රධාන නගර දෙකේ කොලරාව පැතිර යාමෙන් පසු අද (17) සිට ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ඉගෙනීම් කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

අගනුවර වන Lilongwe සහ වාණිජ මධ්‍යස්ථානය වන Blantyre හි පාසල් නත්තල් නිවාඩුවෙන් පසු සති දෙකකට වැඩි කාලයක් වසා දමා තිබුණේ කොලරාව පැතිරීම හේතුවෙන්.

පසුගිය වසරේ මාර්තු මාසයේදී කොලරාව පැතිරීම ආරම්භ වූ අතර මේ වන විට පුද්ගලයින් 750කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Lilongwe සහ Blantyre හි ආසාදන තත්ත්වයන් තවමත් ඉහළ මට්ටමක පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය Khumbize Chiponda පවසා තිබෙන්නේ පාසල්වල ආරක්ෂිත ජලය සහ වැඩිදියුණු කළ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ඇති බවත්, එය පාසල්වල වාර්තා වන ආසාදන අවම කිරීම සඳහා හැකියාවක් ඇති බවත්ය.

ගෝලීය වශයෙන් කොලරාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් 31 අතර මලාවි ද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This