කැලිෆෝනියාවේ නිවසක වෙඩි තැබීමක් -6ක් මරුට

කැලිෆෝනියාවේ නිවසක වෙඩි තැබීමක් -6ක් මරුට

කැලිෆෝනියාවේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මාස 6ක් වයසැති බිළිඳා සහ ඇගේ මව ඇතුළු 6 දෙනෙක් මියගොස් සිටින පිරිස අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඝාතනය සිදුකිරීමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය පවසනවා.

වෙඩි හඬ කිහිපයක් ඇසීමෙන් පසු බලධාරීන් එම ස්ථානයට පැමිණ එක් අයෙක් රෝහල් ගත කර ඇති අතර රෝහලේදී එම තැනැත්තා මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ හිසට වෙඩි වැදී ඇති අතර තවත් කාන්තාවන් දෙදෙනෙක් සැඟවී දිවි ගලවා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This