කැනඩා -ඇමෙරිකා දේශසීමා අසල ඉන්දීය ජාතිකයන් දැඩි සීතලෙන් මියයාම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

කැනඩා -ඇමෙරිකා දේශසීමා අසල ඉන්දීය ජාතිකයන් දැඩි සීතලෙන් මියයාම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

කැනඩා -ඇමරිකා දේශසීමාවේ දී ඉන්දීය ජාතිකයන් අධික සීතලෙන් මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

2022 ජනවාරි මාසයේදී එක්සත් ජනපද-කැනඩා දේශසීමා අසල පුද්ගලයින් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

ගුජරාට් ප්‍රාන්තයේ බලධාරීන් පවසා තිබෙන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් “නීති විරෝධී සංක්‍රමණ” නියෝජිතයන් බවයි.

ඇමෙරිකාව සහ කැනඩාව කේන්ද්‍ර කරගනිමින් සිටින තවත් නියෝජිතයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටද එරට පොලිසිය උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මිනිස් ජාවාරම, සාපරාධී කුමන්ත්‍රණය සහ මිනීමැරීමට සමාන නොවන සාපරාධී මනුෂ්‍ය ඝාතන ඔවුන්ට එරෙහි චෝදනා අතර වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This