නවසීලන්ත අගමැතිනිය ලබන මාසයේ ඉල්ලා අස්වීමට සූදානමින් (VIDEO)

නවසීලන්ත අගමැතිනිය ලබන මාසයේ ඉල්ලා අස්වීමට සූදානමින් (VIDEO)

ලබන මාසයේ නවසීලන්ත අගමැති ධූරයෙන් තමා ඉල්ලා අස්වන බව Jacinda Ardern ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අභියෝග සහිත වසර හයක් රැකියාවේ යෙදී සිටි ආකාරය ඇය සඳහන් කර ඇති අතර පෙබරවාරි 7 වැනිදාට පසුව ඉල්ලා අස්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

නවසීලන්තයේ මහ මැතිවරණයක් ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

2017 වසරේ දී අගමැති ලෙස තේරී පත්වීමත් සමග ආර්ඩර්න් මහත්මිය , වයස අවුරුදු 37 දී ලොව ලාබාලතම රජයේ කාන්තා නායිකාව බවට ඉතිහාසගත වුණා

Share This