ප්‍රංශ ජනපති ඉහළ නැංවූ විශ්‍රාම වයසට එරෙහිව විරෝධතා

ප්‍රංශ ජනපති ඉහළ නැංවූ විශ්‍රාම වයසට එරෙහිව විරෝධතා

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලට අනුව විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පතක් මගින් පුද්ගලයන්ට වැඩ නතර කළ හැකි නිල වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නංවන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීමේ සැලසුම් වලට එරෙහිව එරට වැඩ වර්ජන සහ විරෝධතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

නගරාන්තර සහ මගී දුම්රිය සේවා දැඩි ලෙස අඩාල වී ඇති අතර බොහෝ පාසල් සහ අනෙකුත් පොදු සේවාවන් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම අනෙකුත් සියලුම යුරෝපීය රටවල් පාහේ නිල විශ්‍රාම වයස ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

උදාහරණයක් ලෙස ඉතාලිය සහ ජර්මනිය විශ්‍රාම ගැන්වීමේ වයස 67 දක්වාත්, ස්පාඤ්ඤය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වාත් ,එක්සත් රාජධානියේ විශ්‍රාම ගැන්වීමේ වයස දැනට 66 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This