ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ ගත් පියවරට ජගත් ආරක්ෂක කවුන්සිලයට පැසසුම්

ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ ගත් පියවරට ජගත් ආරක්ෂක කවුන්සිලයට පැසසුම්

පාකිස්ථානය පදනම් කර ගත් Lashkar e Taliba සන්නද්ධ කණ්ඩායමේ නායක Abdul Rehman Makki ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව වැනි රටවල් ප්‍රසාදය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කලාපය තුළ ත්‍රස්තවාදයෙන් පවතින තර්ජන ඉහල බවත්, ආරක්ෂක කවුන්සිලයෙන් පනවන සම්බාධක එවැනි තර්ජන මැඩපැවැත්වීම සදහා ඵලදායී මෙවලමක් බවත් ඉන්දියාව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක Arindam Bagchi පවසා ඇත්තේ Abdul Makki එම සංවිධානයේ නායකත්ව ධූර කිහිපයක්ම දැරූ බවයි.

එමෙන්ම එම සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම ද ඔහු විසින් සිදුකර ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.

තව ද, ත්‍රස්තවාදයට එරෙහි විශ්වාසනීය, ඵලදායී සහ ආපසු හැරවිය නොහැකි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් දිරිමත් කරන බව ද එම ප්‍රකාශයේ සදහන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This