රුවන්ඩාවේ මාධ්‍යවේදියෙක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

රුවන්ඩාවේ මාධ්‍යවේදියෙක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු සහ එරට රජයේ විවේචකයෙකු ලෙස හැඳින්වෙන ජෝන් විලියම්ස් නට්වාලි කිගාලි අගනුවරදී රිය අනතුරකින් මිය ගිය බව එරට පොලිසිය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

ද ක්‍රොනිකල්ස් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කර්තෘ ජෝන් විලියම්ස් නට්වාලි Kimihurura ප්‍රදේශයේදී ඔහුගේ යතුරුපැදිය මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ක්‍රොනිකල්ස් ප්‍රවෘත්ති වෙබ් අඩවියද ට්විටර් පණිවුඩයක් මගින් 43 හැවිරිදි මෙම මාධ්‍යවේදියාගේ මරණය තහවුරු කර තිබෙන අතර ඔහු 2021 වසරේ සිට එහි සංස්කාරකවරයා ලෙස කටයුතු කළ බවයි පැවසෙන්නේ.

 

Share This