බ්‍රිතාන්‍යයේ අගමැතිට දඩයක්

බ්‍රිතාන්‍යයේ අගමැතිට දඩයක්

උතුරු එංගලන්තයේ ලැන්කශයර්හි සංචාරයක් අතරතුර මෝටර් රථයක ගමන් කිරීමේදී ආසන පටි පැළඳීමට අපොහොසත් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් වෙත එරට පොලිසිය දඩ නියම කර තිබෙනවා.

මෙම අවස්ථාවේ ඔහු මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර එහිදී ආසන පටි භාවිතයෙන් තොරව සමාජ මාධ්‍ය වීඩියෝවක් පටිගත කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ක්‍රියාව වරදක් බවට අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම පිළිගෙන ඇති බවත් සිදු වූ වරද වෙනුවෙන් ඔහු ජනතාවගෙන් සමාව අයැද සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

රථයක ආසන පටියක් පවතින අතර විට එය පැළඳීමට අපොහොසත් වූ මගීන්ට පවුම් 100 ක දඩයක් නියම කෙරෙන අතර එය අධිකරණයේ නඩු පැවරීමක් දක්වා ගෙන ගියහොත් පවුම් 500 දක්වා දඩ මුදල වැඩි විය හැකි බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ.

Share This