ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට ශීත කුණාටුවක් -120,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට ශීත කුණාටුවක් -120,000කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වෙයි (VIDEO)

ඇමරිකාවට බලපෑ ප්‍රබල ශීත කුණාටුවක් නිසා අධික හිම, හදිසි ගංවතුර සහ දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිව තිබෙන අතර මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් දැඩි පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කුණාටුව වයඹදිග ෆ්ලොරිඩා සහ දකුණු ජෝර්ජියාව හරහා ගමන් කිරීමත් සමග ජාතික කාලගුණ සේවය ටොනේඩෝ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Arkansas, Missouri සහ Texas ප්‍රාන්තයන්හි නිවාස සහ ව්‍යාපාර 120,000කට වඩා වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Texas, Louisiana, Mississippi, Arkansas සහ Alabama. යන ප්‍රදේශවල ක්ෂණික ගංවතුර සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය හදිසි කාර්යය මණ්ඩල විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

Share This