ස්පාඤ්ඤයේ ලිපි බෝම්බ යැවූ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට

ස්පාඤ්ඤයේ ලිපි බෝම්බ යැවූ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට

ස්පාඤ්ඤ අගමැතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ ස්ථාන ඉලක්ක කරමින් ලිපි බෝම්බ යැවූ බවට සැකපිට 74 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙම පුද්ගලයා ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සතිය අගදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ නිල නිවස සහ එක්සත් ජනපද සහ යුක්‍රේන තානාපති කාර්යාල ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයට, ගුවන් හමුදා කඳවුරකට සහ ආයුධ නිෂ්පාදකයෙකුටද ලිපි බෝම්බ හයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොහෝ ඒවා නිෂ්ක්‍රීය කර ඇති නමුත් යුක්‍රේන තානාපති කාර්යාල සේවකයෙකු සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Castile සහ León උතුරු පළාතේ Miranda de Ebro නගරයේ දී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පරිගණක පිළිබඳ යම් විශේෂඥ දැනුමක් ඇති අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සමාජ ජාලවල ක්‍රියාකාරී පුද්ගලයෙක් බවටද සොයාගෙන තිබෙනවා.

Share This