ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 9ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 9ක් මරුට

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු පලස්තීනුවන් 9 දෙනෙකු මිය ගිය බව පලස්තීන බලධාරීහු පවසා තිබෙනවා.

පලස්තීනයේ ජෙනින් ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ජෙනින්හි තත්ත්වය තීරණාත්මක බවත් තවත් බොහෝ පුද්ගලයින් තුවාල ලබා ඇති නමුත් ගිලන්රථවලට ඔවුන් වෙත ළඟා වීමට නොහැකි වූ බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ප්‍රාදේශීය රෝහලක ළමා වාට්ටුවකටද ඊශ්‍රායල කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This