සෝමාලියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකු එක්සත් ජනපද මෙහෙයුමකින් මරුට

සෝමාලියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකු එක්සත් ජනපද මෙහෙයුමකින් මරුට

සෝමාලියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකු සහ ඔහුගේ සගයන් 10 දෙනෙකු සිය විශේෂ බලකාය විසින් ඝාතනය කර ඇති බව එක්සත් ජනපදය පවසනවා.

බිලාල් අල්-සුඩානි අප්‍රිකාව පුරා සහ ඉන් ඔබ්බට ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමට අරමුදල් සැපයීමේ සහ ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන චරිතයක් බවට හඳුනාගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

උතුරු සෝමාලියාවේ ඈත කඳුකර ගුහා සංකීර්ණයක් වටලන ලද හමුදා භට පිරිස් වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගිය බවයි නිලධාරීහු පවසා තිබෙන්නේ.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එය සාර්ථක ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් බවයි .

එමෙන්ම කිසිදු සිවිල් වැසියෙකුට හානියක් සිදු නොවූ බවද ඔහු සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Share This