රුසියාවෙන් යුක්‍රේනයට තවත් මිසයිල ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට තවත් මිසයිල ප්‍රහාරයක්

රුසියාව යුක්‍රේනය වෙත යළිත් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එම ප්‍රහාරයෙන් ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි 35 කට පහරවැදී ඇති අතර පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දැනට පවතින යුද සටනට ආධාර කිරීමට ජර්මනිය සහ එක්සත් ජනපදය යුද ටැංකි ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

නේවාසික ගොඩනැගිලිවලට වැඩිම හානිය සිදුව ඇත්තේ කියෙව් ප්‍රදේශයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ප්‍රහාරය යුක්‍රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරමින් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

විදුලි බලාගාර විනාශ වී ඇති අතර මිලියන ගණනක් විදුලිය නොමැතිව අඳුරේ සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

කැනඩාව ඉදිරි සතිවලදී යුක්‍රේනයට සටන් කිරීමට යුද ටැංකි හතරක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව යුක්‍රේන සොල්දාදුවන් පුහුණු කිරීමට විශේෂඥයින් ද එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙන්නේ රටවල් 12 ක් මේ වන විට යුද ටැංකි ලබා දීමට එකඟ වී ඇති බවයි.

Share This