ඉන්දියාවෙන් නාසික කොවිඩ් එන්නතකට අනුමැතිය දෙයි

ඉන්දියාවෙන් නාසික කොවිඩ් එන්නතකට අනුමැතිය දෙයි

ඉන්දියාව කොවිඩ් 19 වෛරසයට එරෙහි සිය පළමු නාසික කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම සඳහා අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

iNCOVACC නම් මෙම නාසික කොවිඩ් එන්නත බිංදු ආකාරයෙන් ලබා දීම සිදු කළ යුතු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

විද්‍යාඥයින් පවසන්නේ නාසික එන්නත් මගින් සාමාන්‍යයෙන් කොවිඩ් ශරීරයට ඇතුළු වන නාසයේ සහ ඉහළ ශ්වසන පත්‍රවල අමතර ප්‍රතිශක්තියක් ලබා දීමේ හැකියාවක් ඇති බවයි.

එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායම් ද නාසික ඉසින එන්නත් විමර්ශනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම නාසික එන්නත නිෂ්පාදනය කළ සමාගමේ සභාපතිවරයා පවසා තිබෙන්නේ, එන්නත් සිරින්ජයක් හෝ ඉඳිකටුවක් අවශ්‍ය නොවන බැවින් නාසික එන්නත බෙදා හැරීමට පහසු බවත් එය එන්නත් කළ හැකි කොවිඩ් එන්නත්වලට සාපේක්ෂව පුළුල් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ඇති කළ බවත්ය.

Share This