මැඩගස්කරයේ ඇතිවූ නිවර්තන කුණාටුවකින් 16 ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ ඇතිවූ නිවර්තන කුණාටුවකින් 16 ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ නිවර්තන කුණාටුවකින් පසු ඇතිවූ අධික වර්ෂාපතනයක් නිසා අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මීට සතියකට පමණ පෙර මෙම කුණාටුව මැඩගස්කරයට ළඟා වීමෙන් පසු 60,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පුද්ගලයින් 47,000ක් පමණ පීඩාවට පත්ව ඇති අතර නිවාස 13,000කට පමණ හානි සිදුව ඇති බව යුරෝපීය සිවිල් ආරක්ෂණ සහ මානුෂීය ආධාර මෙහෙයුම් ඒකකය පවසා තිබෙනවා

Share This