පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද කටයුතු ගැන දැනුම් දීමක් (VIDEO)

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද කටයුතු ගැන දැනුම් දීමක් (VIDEO)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සටහන් කිරීමේ කටයුතු ලබන මස 20ත් 28ත් අතර දිනකදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් සී. රත්නායක මහතා පැවසුවේ තැපැල් ඡන්දය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සම්පාදනය කර අවසන් බවයි.

පළාත් පාලන ආයතන 340කට අදාළව ඡන්ද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ලබන මාර්තු 09 වැනිදායි.

ඊට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් අයදුම්පත් භාරගැනීම ඉකුත් 23 වැනිදායින් අවසන් වුණා.

Share This