අල්-ෂබාබ් සටන්කාමීන් 130 කට වැඩි පිරිසක් මරා දැමූ බවට සෝමාලියානු රජයෙන් ප්‍රකාශයක්

අල්-ෂබාබ් සටන්කාමීන් 130 කට වැඩි පිරිසක් මරා දැමූ බවට සෝමාලියානු රජයෙන් ප්‍රකාශයක්

ඉහළ අණ දෙන නිලධාරීන් ඇතුළු ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන අල්-ෂබාබ් සටන්කාමීන් 130 කට වැඩි පිරිසක් මරා දැමූ බව සෝමාලියානු රජය සඳහන් කරනවා.

සෝමාලියාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සෝමාලියාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් ජිහාඩ් සටන්කාමීන් 136 දෙනෙකු මිය ගිය බව එරට අමාත්‍යවරයෙක් සඳහන් කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මීට දින කිහිපයකට පෙර එක්සත් ජනපදය ප්‍රකාශ කළේ තම විශේෂ බලකාය රටේ උතුරේ වැටලීමකදී ජ්‍යෙෂ්ඨ සටන්කාමී නායකයෙකු මරා දැමූ බවයි

Share This