පාකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 100 දක්වා ඉහළට

පාකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 100 දක්වා ඉහළට

පාකිස්ථානයේ පෙෂාවර්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි මුස්ලිම් දේවස්ථානයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර මියගිය අයගෙන් වැඩි දෙනෙක් යාඥාවේ යෙදී සිටි ආරක්ෂක හමුදා සාමාජිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මේ අතර බෝම්බ ප්‍රහාරය සිදු කළ බවට සැක පළ කරන දැඩි මතධාරී ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Tehrik-i-Taliban Pakistan (TTP) කණ්ඩායම මෙම ප්‍රහාරය සිදු කළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Tehrik-i-Taliban Pakistan (TTP) කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ පාකිස්ථානයේ සන්නද්ධ හමුදාවන්ට සහ පොලිසියට එරෙහිව විශාල ජීවිත හානි සිදු කරමින් සටන් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This