ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක අධික හිම නිසා ජන ජීවිතයට බාධා (PHOTOS )

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක අධික හිම නිසා ජන ජීවිතයට බාධා (PHOTOS )

අධික හිම පතනය හේතුවෙන් උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දෛනික ජන ජීවිතය අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Jammu ,Kashmir සහ Himachal ප්‍රදේශවලට මෙම තත්ත්වය දැඩිව බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

කාශ්මීරයේ ප්‍රදේශ ඝන හිම ආවරණයකින් වැසී ගොස් ඇති අතර, විදුලිබල සැපයුමද බිඳ වැටි තිබෙනවා

මාර්ග අවහිරතා මෙන්ම, දුම්රිය සහ ගුවන් ගමන් ප්‍රමාද වීමටද හිම පතනය බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

පසුගිය සඳුදා දිනයේ කාශ්මීරයෙන් අවසන් වූ ඉන්දියාව හරහා කිලෝමීටර් 4,000ක් දිග “එකමුතු පා ගමනේ” කොටසකටද මෙය බලපා ඇති බවයි පැවසෙන්නේ

එමෙන්ම ඊයේ (31) කොංග්‍රස් මන්ත්‍රී ජයිරාම් රමේෂ් ට්විටර් පණිවිඩයක් කර තිබුණේ අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රීනගර් සිට සියලුම ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පාර්ලිමේන්තුවේ අයවැය සැසියට සහභාගී වීමට නොහැකි වනු ඇති බවයි.

අසල්වැසි උත්තරකාන්ද් ප්‍රාන්තයේ ද එවැනිම තත්ත්වයක් පැවති අතර, ඊයේ (31) ප්‍රධාන මහාමාර්ගවල හිම ගොඩ ගැසීමෙන් ගමනාගමනය පැය ගණනාවක් අඩාල වී තිබුණු බවද විදෙස් මාධ්‍ය පවසනවා.

 

Share This