අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට

ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රු.10 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු.169 ක් ලෙසයි.

එමෙන්ම වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රු.25 කින් අඩු කර ඇති අතර එහි නව මිල රු.1675 ක්.

ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල ද රු. 15 කින් අඩු කර ඇති අතර නව මිල රු.165 ක් වනවා.

මීට අමතරව පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රු.5 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු.230 ක් ලෙසයි.

හෙට (2) සිට එම මිල අඩු කිරීම ක්‍රියාත්මක වනවා.

Share This